පරිඝනකයකින්
මොනවම හරි දෙයක් කරල තියන අය කව්ද කියල ඇහැව්වම අත ඉස්සුවෙ තුන් දෙනයි. ජීවිතේටම පරිඝනකයක් අල්ලලා නැති මල්ලිලා නංගිලා පිරිසක් අතරට ගිහින් අපි දන්න දේ එයාලට තේරුම් යන විදියට කියල දීල ලැප් එකක් අතපත ගාන්න, චිත්ර අඳින්න, ටයිප් කරන්නඅවස්ථාව දීල අපි අහන ප්රශ්න වලට උත්තර දෙන අයට තෑගි දීල අපි ලැබුව ආත්ම තෘප්තිය වචන වලට හරවන්න ගොඩක් අමාරුයි.
වැඩේ
පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙනකන් නිතලව කණිටු විදුහලේ විදුහල්පති තුමා ඇතුළු ඇඳුරු මඩුල්ල, ළමයි හා දෙමව්පියන් දවස පුරාවටම අපිත් එක්ක හිටියෙ තමන්ගේ ගමට, ගමේ ඉස්කෝලෙට, ඉස්කෝලෙ ළමයින්ට අවුරුද්ද ලබල වගේ. ජිවිතේ කවදාවත්ම අත්විඳින්නට නොලැබුණු අවස්ථාවක් අත්වින්ද එයාල රසවත් කෑම බීම වලින්, කැවිලි පෙවිලි වලින් අපට සංග්රහ කලේ නුහුරු නුපුරුදු අයට වගේ නෙමෙයි. තමන්ගෙ ළමයින්ට ලැබුණු ඒ අවස්ථාව ගැන එයාල කථා කළේ ගොඩක් හැඟීම්බර වෙලා. ඒ මිනිස්සුන්ගේ හිත්වල තිබුණ අව්යාජ සතුට පිට කළේ නෙතින් කඩා හැලෙන්නට දඟලන කඳුළු අතැඟිලි වලින් පිහන ගමන්. අපි පැවැත්තුව වැඩමුළුව ඒ අයට දැනුණ විදිය ළමයෙක්ගෙ අතින් ලියවුණේ මෙන්න මේ විදියට.....
"ඔයගොල්ලො
හරිම හොදයි.පරිඝණකය ගැන අපට හොදින් කියා දුන්නා.ඒ ගැන අපිට හරිම සතුටුයි.ඔයගොල්ලො තරම් හොද අය අපට හම්බ වෙලා නෑ.ඔය ඔක්කොම අයියලා හරි හොදයි.අපිට මේ වගේ වචන තුන හතරකින් කියල නිම කරන්න බැහැ."
මල්ලියේ
නංගියේ ඔයාලට කියල දීල අපි ලබපු සතුටත් අපිට වචනයෙන් කියල නිම කරන්න බෑ... ඒ සතුට අපි වින්දෙ හදවතින්මයි. ඒකයි ඒ මොහොත මතක් වෙද්දි මේ මොහොතෙත් නෙතට කඳුළු උනන්නෙ... මේ වෙනුවෙන් අපට වචනයකින් හරි උදව් කරපු හැමදෙනාටම ගොඩාක් පිං. මේ "දැනුම තොටුපළේ" ආරම්භය පමණයි. අවසානය පේන තෙක්මානෙකවත් නෑ....







0 comments:
Post a Comment